ASITHA G PUNCHIHEWA

Home

A drop of the Opium Mafia

Posted by Asitha G Punchihewa on March 15, 2018 at 6:55 AM

ඕපියම් මාෆියාවෙන් බිඳක්- අසිත ජී පුංචිහේවා

 

ඖෂධ සඳහා නීත්‍යානුකුලව ඔපියම් වගාවන් සිදුකෙරෙන රටවල් අතර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ප්‍රමුඛ වේ. ඉන්දියාව ද චීනය වැනි රටවලද ඔපියම් වගාවන් ඇත. නමුත් නීත්‍යානුකුල නොවන වගා බහුතරයක් ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ය. ලෝකයේ ඔපියම් වගාවන්ගෙන් 90% පමණ ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ය. කැම්බෝඩියා, ලාඕස්, ම්යන්මාරය ආශ්‍රිතව ද නීත්‍යානුකුල නොවන වගාවන් ඇත.

 

2001 වසරේ 9/11 ප්‍රහාරයට සමගාමීව ඇරඹුණු war against terror තුලින් මුලිකව ඉලක්ක වුයේ ඇෆ්ගනිස්තානයයි, ඇෆ්ගනිස්තානය කේන්ද්‍ර කොටගෙන වර්ධනය වී තිබු ඉස්ලාමිය අන්තවාදයයි. නමුත් 2001- 2016 කාලය තුල ඇෆ්ගනිස්තානයේ ඔපියම් වගාවන් හෙක්ටයාර 98500 සිට 250000 දක්වා වර්ධනය විය.

 

එම කාලය ඇතුලතම ශ්‍රී ලංකාව තුලටත් වෙනත් බොහෝ රටවල් තුළටත් නීත්‍යානුකුල නොවන ආකාරයට ඔපියම් හෙරොයින් ආකාරයෙන් පොම්ප වන්නට පටන්ගති.

 

මේ අතරම ඔපියම් සඳහා නීත්‍යානුකුල වලංගුභාවයක් ලබාදීමේ ජාත්‍යාන්තර වැඩපිළිවෙලක් නිර්මාණය විය. එම ප්‍රතිපත්තීන් සමාජගත කිරීම, ඔපියම් මාත්රාගත ඖශධයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් බොහෝ ආයෝජනයන් සිදුකරන ලදී. එම ආයෝජනයන් අතර අන්තර්ජාතික සම්මන්ත්‍රණ, විවිධ මට්ටම් වල දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ආශිර්වාදය දිනාගැනීම සඳහා වූ විදේශ සංචාර ලබාදීම ආදිය සාමාන්‍ය සම්ප්‍රදායට අනුව වසර ගණනාවක් තිස්සේ සිදුවිය. මීට අමතරව, විශේෂයෙන් ම දියුණු වෙමින් පවතින රටවලට තාක්ෂණික උපදේශනය සැපයීම සඳහා විටින් විට සුදුසුකම් ලද විශේෂඥයන්ද සුදුසුකම් නොලද විශේෂඥයන් නොවන්නන් ද පැමිණ පසුබිම ස්ථාපනය කරවීය.

 

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම රෝගී තත්ත්වයක් ලෙසට තහවුරු කොට සිරකරුවෝ ද මනුෂ්‍යයෝය නය සංකල්පය ද ස්ථාපිත කොට හෙරොයින් භාවිතයෙන් මිදීමට ඇති අයිතිවාසිකමත් සියලු පුරවැසියන්ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ඇති ව්‍යවස්තානුකුල බැඳීමත් භාවිතයෙන් එකම විසඳුම ඔපියම් මාත්රාගත ඖශධයක් ලෙස පිළිගත් වෛද්‍ය ආයතනයක් තුලින් ලබාදීම යයි ඒත්තු ගන්නා අවසානය. එකල කුඩුකාරයා, හෙරොයින් භාවිතා කරන්නා, හෙරොයින් භාවිතයට ඇබ්බැහි වුවා, හෙරොයින් මත යැපෙන රෝගියා ලෙස වටිනාකමක් ලබාගෙන ඇත. කුඩුකාරයා නම් වූ සමාජ විරෝධී පුද්ගලයා හෙරොයින් මත යැපෙන අසරණ රෝගියා බවට පත් වී ඇත. ඔවුන් රැකබලාගැනීම ශීලාචාර සමාජයක වගකීම බවට පත්ව ඇත. ඊට ප්‍රතිවිරුද්ධ මත දරන්නන් ගෝත්‍රික සංකල්ප දරන අධමයින් බවට පත්ව ඇත. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් එයින් ගලවාගෙන පුනරුත්තාපනය කිර සමාජයට වැඩදායක පුද්ගලයෙක් බවට පත් කිරීම ද මත්ද්‍රව්‍ය මත යැපෙන්නන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හුවා දක්වන තත්ත්වයට පත්ව ඇත. මේ සියල්ල මිනිසාගේ යහපතට නොව බහු ජාතික සමාගම් පෝෂණය කිරීමට සුක්ෂමව සැලසුම්කරණය වූ බහු මාධ්‍ය යාන්ත්‍රන ය.

 

බොහෝ දියුණු යයි කියන්නාවූ රටවල මෙම ක්‍රමවේදය අසාර්ථක වී ඇත. උදාහරණයක් වශයෙන් ජර්මනියේ මාත්රාගත ඕපියම් ලබාදීමේ වැඩසටහන අධ්‍යයනය කලවිට පෙනීගියේ ආරම්භයේ දී සිටි පිරසගෙන් 50% වසර 7 අවසානයේ දී මාත්රාගත ඔපියම් ඇබ්බැහි වීමේ රන්දවී ඇති බවය. එහි ප්‍රතිඵල නිකුත් කෙරෙනුයේ වීදුරුවෙන් භාගයක් ඇත යන සර්ව සුභවාදී මතය මත පදනම්වය. එහෙත් සමාගම් විසින් අසාර්ථකභාවය පිළිබිඹු වන අධ්‍යයන, සමීක්ෂණ ආදිය පිලිබඳ තොරතුරු පල කිරීම, පලවූ තොරතුරු සඳහා මාධ්‍ය අවකාශය හෝ අවදානය නොදීමට වෙනම ආයෝජන කරනු ලබයි.

 

ඊට සමගාමීව ට්‍රැමඩොල් වැනි මාත්රාගත ඖෂධ වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝසේ බැහැරලීම ද සමාගම් විසින් සිදුකරනු ලබයි. බැහැරලීමට තරම් ඔපියම් ලැබෙන්නේ නීත්‍යානුකුල නොවන වගාවන්ගෙන් වීමට බොහෝ ඉඩ ඇත. ඉතා ප්‍රාථමික මට්ටමක පවතින නියාමන සේවාවන් සහිත, වංචා/ධුෂණ සෑම තලයකම එළිපිට සිදුවන ශ්‍රී ලංකාව වැනි රටක ලවක් දෙවක් නොමැතිව ඔපියේට බැහැරලීම මවිත විය යුතු කරුණක් නොවේ.

 

අද වනවිට අවභාවිතාවේ යෙදවෙන මාත්රාගත ඔපියේට අඩංගු ඖෂධ පාසල් පද්ධතිය තුලත් ටියුෂන් පන්ති වලත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිතවලට ඇතුල්වී හමාරය. ඔවුන් රටට වැඩදායක පුද්ගලයින් බවට පත් කරලීම පසෙක තබා ඕපියේට මත යැපෙන අසරණ රෝගීන් බවට පත් කරවීම සැලසුම්සහගතව සිදුවේ.

 

ව්‍යාජව නිර්මාණය කරගත් වෙළෙඳපොළක් සකසා එතුලට ඖෂධ පොම්ප කිරීම තුලින් සිදුවන්නේ කලෙක ආගමික නතවාදීන් අතට පත්වූ ඔපියම් මුදල් මහා පරිමාන බහු ජාතික සමාගම් වලට කාන්දුවීමය.

 

ආගමික අන්තවාදයටත් එහා ගිය සමාගම් අන්තවාදය තුලින් සෞඛ්‍යය, ආර්ථිකය, සමාජය, අයිතිවාසිකම් ආදී සියලු දේ එළිපිට විනාශ කරමින් සිටියත් බුද්ධිමතුන් යයි කියාගන්නා වෛද්‍යවරුන් ඇතුළු පිරිස් ඒ සම්බන්ධව මුනිවත රකින්නේ තම ජීවිත සඳහා ඇති ආදරය නිසා පමණක් නොව අඩු වැඩි වශයෙන් ඍජුව හා වක්‍රාකාරව මෙම ව්‍යාපාර වල යැපෙන්නන් බවට පත්ව ඇති නිසා ය.

Categories: None

Post a Comment

Oops!

Oops, you forgot something.

Oops!

The words you entered did not match the given text. Please try again.

Already a member? Sign In

0 Comments