Welcome to Asitha G Punchihewa's page

Asitha G Punchihewa is a professional in the development and social justice arena with one and half decade long broad spectrum experience. He has been instrumental in producing direct positive impacts on deserving communities and have also influenced bringing up policy reforms in diverse areas.

His personal motive is driven "to make the world a better place where all beings contribute and care for one another's existence through appropriate use of resources".

He has produced dozens of significant research based analytical knowledge worth accessing. The spectrum of klnowledge areas include but not limited to

Industry and Technology (Productivity optimization, Alternative energy, traditional technologies)

Health (Non communicable diseases, HIV/AIDS and sexually transmitted infections, sexual and reproductive health)

Rights (Child rights, Housing rights, cultural rights, migrant worker rights, minority rights, animal rights)

Globalization (Trans National Corporations and their influence on knowledge, agriculture, health)

Politics (Providing direction and guidance to political leaderships)

Asitha is soft spoken but knows what he is doing, funny but means business, try to buy him over but you will repent.

view:  full / summary

Kathina from alms to consumerism- Asitha G Punchihewa

Posted by Asitha G Punchihewa on March 13, 2018 at 5:40 AM Comments comments (0)

Kathina from alms to consumerism- Asitha G Punchihewa

Kathina is the term used to describe the donation of robe to replace the torn and worn robes of a Bhikku who had endured the Vassana season spanning from July to October not exceeding three lunar months. The history of the tradition runs to 2,555-2,556 years back, four to five years after Siddhartha Gauthama attained Nibbana.

A group of thirty Bhikkus who were ordained by the Buddha himself returned from Savaththi to Jetawanaramaya after the rain’s retreat. The Buddha noticed the torn and worn off nature of robes of the Bhikkus. Vihakha Maha Upaasika asked for permission from the Buddha to offer the Bhikkus with new robes and the Buddha granted permission. It was since then the tradition of offering new robes to Bhikkus during the particular period of one lunar month came into being.

In an era where garment manufacture was not highly diversified and technology oriented, preparation of a robe required manpower and time. The process involved finding suitable clothing, cutting sewing and stitching, staining or colouring and then drying. If lay persons were not allowed to prepare robes for Bhikkus, the Bhikkus had to look for pieces of clothes in cemeteries and townships to be woven together to prepare robes. The faithful lay persons strangled by the material world were encouraged to provide Kathina robes to the Bhikkus who were learning to detach from all defilements. While the offering of a new robe definitely saved valuable time of the Bhikku that could be invested on meditation, spiritual development and performing responsibilities towards the society, the donor was able to perform charity, accumulate merits, exhibit selflessness, to enhance his progression towards attaining Nibbana.

26 centuries ahead, offering of Kathina cheevara to Bhikkus has transformed into a major annual event in almost all the temples. Rituals, traditions and formalities have surpassed the pristine way of donating and accepting Khatina cheevara, and have all added colour and glamour to the fiesta. From an exercise of heartfelt devotion and shraddha, it has evolved into an event to showcase the spending capacity of the dayaka sabhas. While the above scenario seems to be promoted by the demand end as well as by the supply end, another major winner in the process is the concept of globalization that promotes consumerism and demotes Buddhist teachings. In an era where clothing manufacture is no longer a cumbersome exercise, to offer a robe to a Bhikku, it is now as easy as going to a shop, selecting the material, colour and price to one’s liking and then buying. However, the event’s unessential complexities involve spending, that too in substantial amounts calculated in six or even seven digits.

Therefore, the offering of the Kathina cheevara has slowly sidelined the poorer and only paved the way for the wealthy to perform. While this system repels the poor people with shraddha, this also provides ground for people without shraddha to make a substantial saving through unaccountable spending for such events. The Khatina peraharas have evolved from a simple one to an all new perahara with hundreds of dances and dancers in diverse attire and also decorated tuskers.

This process has also promoted utopianism where most economic resources get concentrated around the bigger and resourceful temples. The other side of the coin is that the Bhikkus in temples with less resources, who actually maintain discipline, perform their services to the community and who really deserve new robes do not get anything at all while the Bhikkus who are given robes throughout the year, and even the ones who are not even setting good example to their disciples are given yet another cheevara to place in their closet.

In an era where ata pirikara are of sub standard, cheevara in marketplace are not of any use and are subject to recycling, the offering of Khatina cheevara during the neon lit – sound amplified Khatina pinkama slowly but surely eroding pristine Buddhism, the values of Buddhism that has been protected and promoted by our ancestors. The so called protectors of Buddhism nowadays are severely misguided and the detriment they bring could be far more serious than what the evangelists and extremist religious groups bring and the long overdue discussion to re-rail thinking needs to start from somewhere. It is time to think whether we, the Buddhists are even trying to adopt the arya ashtangika marga or are simply trying to make every attempt to justify their way of life which is no different from a mithya drushtika.



Only way for sustained development and inter-ethnic harmony in Sri Lanka

Posted by Asitha G Punchihewa on March 13, 2018 at 5:25 AM Comments comments (0)

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයටත් සඵලවත් සංහිඳියාවටත් එකම මාර්ගය - අසිත ජී පුංචිහේවා

පසුගිය සතියක පමණ කාලයක් මුළුල්ලේ ඇතිවී ඇති සිංහල හා මුස්ලිම් ජනවාර්ගික ගැටුම් වාතාවරණය මහනුවර දිස්ත්‍රික්කය පුරාත්, ඉන් පිටතටත් ව්‍යාප්තවීම පාලනය කරගැනීමට දින කිහිපයක් පුරාම අපොහොසත් වී තිබීම මෙම තත්ත්වයෙහි බැරෑරුම්කම කියාපායි. මෙම ගැටුම හමුවේ ජීවිත කිහිපයක් දැනටමත් රටට අහිමි වී හමාරය. බෞද්ධ සිද්ධස්ථාන, මුස්ලිම් මස්ජිද, වෙළෙඳසැල්, නිවාස, දේපොළ බොහෝ විනාශයට පත්වී ඇත. රටේ ආර්ථික හා සමාජ අස්තාවරභාවයක් ගොඩනැගී ඇත. විදේශිකයින් මෙරටට පැමිණීමට බියවී ගමන් අවලංගු කරන තත්ත්වයක් උදාවී ඇත. රුපියල අවප්‍රමාණය වීම තවත් කාර්යක්ෂම වී ඇත. විදේශ ණය වාරික ගෙවීමේදී ගෙවිය යුතු රුපියල් ගණන ද ඊට සාපේක්ෂව වැඩි වෙමින් පවතියි. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය භයානක ලෙස කඩා වැටීමට වුවත් ඉඩ තිබේ. තවද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමය රැකගැනීමේ විශාල මෙහෙයුමක් කරන්නාවූ අවධියක මෙවැනි ආරංචියක් සපයනුයේ බෙදුම්වාදී පාර්ශව සඳහා මනා අස්වැසිල්ලකි. ශ්‍රී ලංකා වාසීන් සියල්ලමත් නූපන් දරුවනුත් අතිශය අනාරක්ෂිතය.

මහනුවර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතියත්, රට පුරා ක්‍රියාත්මක හදිසි නීතියත්, සමාජ මාධ්‍ය වාරණයත්පනවා, ඇතිවී තිබෙන කලකාරී තත්ත්වයට මුල්වූ පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත් රජය පියවර ගෙන ඇත. ඇත්තෙන්ම කෙටි කාලීන විසඳුමක් හැටියට රජයේ වගකීම හැකි උපරිම උත්සාහය දරා පාලනය කරන්නට උත්සාහ දරා ඇත. තත්ත්වය පාලනය කිරීමට විපක්ෂයේ දායකත්වය ද ආශිර්වාදය ද ලබාදීමට හිටපු ජනාධිපති තුමා ප්‍රකාශ කළේය. ආගමික නායකයින්, පාලකයන්, විද්වතුන්, මාධ්‍ය ආයතන ආදී සියලු පාර්ශවයන් සියල්ල සංහිඳියාවේ පණිවිඩය සමාජගත කිරීමට විවිධ උත්සාහයන් ගනු ලබන බව පෙනෙන්නට තිබේ. එම උත්සාහයන් පිළිබඳව ප්‍රශංසා කළයුතු අතර ශ්‍රී ලංකාව ජන වාර්ගික ගැටුමක් සඳහා ප්‍රවිෂ්ඨ වීම වැළැක්වීම සඳහා අප සෑම දෙනාටම සුවිශාල වගකීමක් ඇත.

ගිනි අවි, බෝම්බ ආදී පුපුරන ද්‍රව්‍ය සහිත සන්නද්ධ ගැටුමක් කරා දුර දිග ගිය ජන වාර්ගික සමාජ විඛණ්ඩනය ට රුකුල් වූ මූලයන් විවෘත්තව සාකච්ජාවට භාජනය නොකොට, කරුණු මතුපිටින් පමණක් සාකච්ජා කොට සංහිඳියාවෙන් සාමයෙන් සතුටින් සිටින්නට විවිධ මාධ්‍යයන් භාවිතා කරමින් ජනතාව උනන්දු කිරීම ප්‍රමාණවත් නොවේ.

වර්ගවාදී හැඟීම් සිංහල ජනයා, මුස්ලිම් ජනයා හා දෙමල ජනයා අතර අඩු වැඩි වශයෙන් පවතින බව තව දුරටත් රහසක් නොවේ. වර්ගවාදී හැඟීම් මත පිහිටා ක්‍රියා කරන කලෙක සිට සූදානමක් සහිතව සිටි පිරිස් අතෙහි බෝම්බ, ගිනි අවි ඇතුළු ආයුධ ඇති බව තවදුරටත් රහසක් නොවේ. ආයුධ එක්රැස් කිරීම්, ආයුධ භාවිතා කිරීම පිලිබඳ පුහුණුවීම් නිල නොලත් ආකාරයෙන් කරගෙන යද්දී, ඉන්දියානු රහස් ඔත්තු සේවය ඇතුළු බොහෝ රහස් ඔත්තු සේවාවන් ශ්‍රී ලංකාවේ සන්නද්ධ කල්ලි ඒකරාශී වීම ඇති බව බොහෝ කරුණු සොයා අනතුරු අඟවද්දී ඒවා පිළිබඳව මෙතෙක් ක්‍රියාත්මක නොවුයේ කුමන බලපෑම් නිසාදැයි විමසා බැලිය යුතුය. ශ්‍රී ලංකාවේ හෙරොයින් හා වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්, පෞද්ගලික අංශයෙන් පවත්වාගෙන යන අවි ගබඩා හා ආරක්ෂක සේවා, මිනිස් වෙළෙඳාම්, අන්තරායකර ඖශධ, රසායනයන් හා ආහාර වෙළෙඳාම, බදු වංචාවන්, මුදල් විශුද්ධිකරණය, මැණික් හා ස්වර්ණාභරණ ජාවාරම්, පරිසරයට කෙරෙන මහා පරිමාන හානි ආදිය කෙරෙන්නේත් ජන වාර්ගික ගැටුම් නිර්මාණය කරන්නෙත්, ජාතික හා දේශපාලන අන්තවාදයන් මෙහෙයවන්නේ ද එකම සංවිධානාත්මක ත්‍රස්තවාදී ජාලයක කොටස්කරුවන් ද යන්න සොයා බැලීමේ වගකීමක් මහජන මුදලින් නඩත්තු වන රජයේ ආරක්ෂක අංශයන් සතුව පවතියි.

මොන තරම් එකම ශ්‍රී ලාංකීය ජාතියක් පිළිබඳව කියා පෑවද එක ජාතියක් වශයෙන් සිතා සියලු ශ්‍රී ලාංකිකයින් එකම ජාතික ඉලක්කයක් තුල පිහිටා වැඩ කිරීම වර්තමානයේ පවතින ක්‍රමවේදය තුල මනඃකල්පිතයක් පමණක්මය. එනිසා සත්‍ය, තිරසාර සංහිඳියාවක් රටෙහි ස්ථාපිත කිරීමට අවංක වුවමනාවක් වේ නම් අවබෝධයෙන් යුතුව හදාරා පිළියම් යෙදිය යුතු කරුණු කිහිපයක් වේ. ඒ අතර නීතිය, අධ්‍යාපනය, පරිසර පද්ධතියට දැරිය හැකි ජනගහනය, පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය, සංවර්ධන ඉලක්ක, තිරසාරභාවය වැනි පුළුල් විෂයපථයන්හි ප්‍රවීනයන් හා ජනී ජනයාගේ අදහස් දායක කරගනිමින් කතිකාවත් කල යුතුමය. එසේ නොවුවහොත් ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකා වාසියාටත් අත්වන ඉරණම ද සාකච්ජා කල යුතුය.




ශ්‍රී ලංකාවාසීන් සියල්ලටම එක සේ බලපාන එක් නීතියක් තිබිය යුතුය. උඩරට නීතිය, තේසවලමයි නීතිය, මුස්ලිම් නීතිය වැනි ප්‍රදෙශිය හෝ ජන වාර්ගික හෝ ආගමික පදනමක් මත ගොඩ නැගුනු නීති අහෝසි කර රටේ ඇති බහුතරයකට බල පැවැත්වෙන රෝම ලන්දේසි නීතියෙහි යම් අඩුපාඩුකම් ඇත්නම් ඒවා නිරාකරණය කොට, යාවත්කාලීන කොට ක්‍රියාත්මක විය යුතුය. එතුලින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයෙන් ම සියලු දෙනාම, කුමන ජන වර්ගයකට, කුමන ආගමක වුවත් නීතිය ඉදිරියේ සමාන වීම ස්ථාපිත වනු ඇත.

නීතිය ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාව තුල නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ, ශ්‍රී ලංකාවේ නීතිය වල්වැදී ඇති බවට චෝදනාවන්හි කාලානුරූපී වැඩිවීමක් නොව වැඩි වීමක් පෙන්නුම් කල හැක. නීතිය ක්‍රියාත්මක කරන්නාවූ නිලධාරියන් ට ඔවුන්ගේ රාජකාරිය අභිමානවත්ව හා කාර්යක්ෂමව කිරීමට විශේෂයෙන් දේශපාලකයින් හා දේශපාලකයින් ට සම්බන්ධ පුද්ගලයින් ඉඩ තැබිය යුතුය.

නීති ආධාර කොමිෂන් සභාවේ කාර්ය වපසරිය ද, වගවීම ද, කාර්යමණ්ඩල ද, පහසුකම් ද පුළුල් කල යුතුය. එතුලින් නීතිමය ගැටළු සඳහා මිනිසුන් විසින් දරන්නාවූ පිරිවැය බොහෝ ලෙස අඩු කලහැක.

දේශපාලන අධිකාරියට සම්බන්ධ පක්ෂ විපක්ෂ ඇමති, මන්ත්‍රීවරුන්/වරියන් බොහෝ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන, ගණිකා මඩම්, ඉස්කාගාර, මද්‍රව්‍ය වෙළෙඳාම් ඇතුළු නීති විරෝ

නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වේනම් ත්‍රස්තවාදයට දායක වන පෙර කී කිසිදු සංවිධානාත්මක කණ්ඩායමකට ඉඩක් නොසපයෙනු ඇත. තවද, ශ්‍රී ලංකාවේ මුදල් සංසරනයත්, රාජ්‍ය ආදායමත් බොහෝ වැඩි වීම තුලින් ජනතාව මත පැටවෙන ආර්ථික පීඩනය අඩු කළහැකි වනු ඇත.

ජනගහන ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ පවතින අධික ජනගහන ඝනත්වයත්, ක්ෂයවෙමින් පවතින ස්වාභාවික සම්පතුත්, පසුගිය දශකය පුරා සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලුම ජනවර්ගයන්හි පෙනීගොස් ඇති සාඵල්‍යතාවය වැඩි වීමේ ප්‍රවනතාවයත් සලකා එක පවුලකට දරුවන් තුන් දෙනෙකුට නොවැඩි සීමාවක් පැනවීම සිදුකල යුත්තේ සීමිත සම්පත් ප්‍රමාණයක් සඳහා විශාල ජනගහනයක් තරඟ කරන විට ඉදිරියේදී ඇතිවිය හැකි පාරිසරික හා තිරසාරභාව සම්බන්ධ කරුණු සැලකිල්ලට ගෙන ය. එහිදී තුන්වැනි දරුවාට පසුව පොදු ජාතික වගකීමකින් තොරව බිහි කරනු ලබන දරුවන් පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුමත ළමා නිවාස වෙත භාර කිරීමටත් නඩත්තු සඳහා වියදම් අදාළ දෙමවුපියන් විසින් දැරීමට නීති පැනවීමටත් පියවර ගත යුතුය.

සාඵල්‍යතාවය සැලකිය යුතු ආකාරයෙන් අඩු වී ඇති ප්‍රදේශයන් හි එම තත්ත්වයන් ඇති වීම සඳහා හේතුවී ඇති සාධක විද්‍යාත්මකව ඝවෙෂණයක් කොට හඳුනාගෙන අවශ්‍ය පරිදි මඳ සරු බව අවම කිරීම සඳහා රාජ්‍ය, රාජ්‍ය නොවන අංශ හා පෞද්ගලික අංශ ආයෝජනය කල යුතුය.


නාගරික කෙන්ද්‍රස්තානයන්හි පමණක් ප්‍රවේශ වීමට හැකි ගුණාත්මක ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සේවය ප්‍රධාන නගරයන්ගෙන් පිට පලාත්වල ළමයින්ට ද ප්‍රවේශවීමේ මාර්ග සෑදිය යුතුය. එතුලින් ප්‍රධාන දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය කෙන්ද්‍රස්ථාන තුලට දෛනිකව පැමිණෙන මහා ජන ගංගාවන් ස්වෙච්ජාවෙන් සීමා වනු ඇත. එතුලින් ළමයින්ගේත් ඉදිරියට ගොඩනැගෙන පරම්පරාවන්ගේත් ගුණාත්මක ප්‍රගතියක් අපේක්ෂා කෙරෙන අතර කාලය ඉතිරි වීම, ඵලදායිතාවය වැඩිවීම, මාර්ග තදබදය අඩු වීම, පරිසර තුලනාත්මකභාවය රඳවාගැනීම ආදිය තුලින් විශාල සමාජ හා ආර්ථික වාසි ප්‍රජා මට්ටමට හිමිවනු ඇත.

පාසල් පද්ධතිය තුල කිසිදු වෙළෙඳ නාමකරණයක් හෝ නාමකරණයක් පැවතිය යුතු නැත. කොළඹ ආනන්ද විද්‍යාලය මරදාන මාධ්‍ය මහා විද්‍යාලය වශයෙන් ද රාජකීය විද්‍යාලය කුරුඳුවත්ත මාධ්‍ය මහා විද්‍යාලය වශයෙන් ද යන ආදී වශයෙන් නම්කෙරිය යුතුය. සියලු විද්‍යාල ගැහැණු හා පිරිමි මිශ්‍ර පාසල් වියයුතු අතර ජන වර්ග හෝ ආගමික පදනමක් මත විභේධනය වූ පාසල් අහෝසි කර එම පාසල් ද මාධ්‍ය මහා විද්‍යාල නාමකරණය යටතට නතු ලක යුතුය. ඒ අනුව සිංහල විද්‍යාල, හින්දු විද්‍යාල, මුස්ලිම් විද්‍යාල යනුවෙන් වර්ගීකරණයක් නොපවතිනු ඇත.

ප්‍රාථමික අධ්‍යාපනය තුල තරඟ විභාග අහෝසි විය යුතුය. ක්‍රීඩා තරඟ ද වෙනත් කුමන හෝ තරඟ ද අහෝසි විය යුතුය. ඉලක්ක විය යුත්තේ පෝෂණය තුලින් කායික වර්ධනය, ආධ්‍යාත්මික අවබෝධය තුලින් වූ ශීලාචාර පෞරුෂ වර්ධනය, ගැටළු විසඳීමේ හැකියා ප්‍රවර්ධනය කිරීම තුලින් තර්කානුකුල පෞරුෂ වර්ධනය සහ සමාජ-පාරිසරික සංවර්ධනය තුලින් පරිසරයටත් සතා සියුපාවාටත් මනුෂ්‍යත්වයටත් ගරු කරන පරම්පරාවක් ගොඩනැගීමයි.

සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට ලෝකයේත් ශ්‍රී ලංකාවෙත් සියලු ආගමික ඉගැන්වීම්, ජන වර්ග පිලිබඳවත් ආගමික පරිනාමයන් ඇතිවුණු ආකාරය පිලිබදවත් ලෝක ඉතිහාසය, දේශපාලනය, නීති හා ආගම්, ජන වර්ග, ලිංගිකත්වය, ආදී කරුණු පිළිබඳවත් ද්විතියික අධ්‍යාපනය තුලදී අනිවාර්ය විෂයයක් විය යුතුය. ඉරිදා දිනයන්හි අතිරේක පන්ති පැවැත්වීම තහනම් කොට සියලු දරුවන් තම උරුමයෙන් ලද හෝ විශ්වාසය පදනම් කරගත් දහම් පාසල් වෙත යොමු කිරීම අනිවාර්ය කල යුතුය.

ද්විතියික මට්ටම වනවිට ප්‍රාථමික මට්ටමේදී හඳුනාගනු ලබන හා දරුවන් ඇලුම් කරන්නාවූ විෂයන් අනුව පාසල් වර්ගීකරණය කලයුතුය. ඒ අනුව විද්‍යා, කළා, සෞන්දර්ය, තාක්ෂණ, දේශපාලන, ආර්ථික, වෙළෙඳ, ක්‍රීඩා වැනි ක්ෂේත්‍රයන් කෙරෙහි ළමයින් මෙහෙයවෙන, නමුත් අන් සෑම ක්ෂේත්‍රයන් හි ම අත්‍යාවශ්‍ය අවබෝධයක් ලබාදෙන පාසල් වර්ගීකරණයක් විය යුතුය. ඒ අනුව උදාහරණයක් ලෙස, කොලම ආනන්ද විද්‍යාලය තාක්ෂණ අංශය සඳහා වූ ද්විතියික පාසලක් ද විශාකා විද්‍යාලය ජීව විද්‍යා අංශය සඳහා වූ පාසලක් ද තර්ස්ටන් විද්‍යාලය ක්‍රීඩා පාසලක් ද, මහානාම විද්‍යාලය බහු ක්ෂේත්‍රයන්හි දක්ෂයින් (alrounders) සඳහා පාසලක් ලෙසද වර්ගීකරණය කල හැක. මෙලෙස සෑම ප්‍රාදේශීය කොට්ට්හාශයකටම හෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහාම නගරාසන්න පාසල්

ද්විතියික අධ්‍යාපනයේ විෂය නිර්දේශයන් සැකසිය යුත්තේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් රටට ඵලදායි පුරවැසියන් බවට පත් කිරීමටයි. විශිෂ්ඨ සාමාර්ථ ගණන පෙන්වීමේ සම්ප්‍රදායෙන් බැහැරවිය යුතුය. පාසල් අස්වීමේ සහතිකය සහ අධ්‍යාපන සහතික ලබාදිය යුත්තේ අදාළ ප්‍රදේශය හෝ පාසල පිලිබඳ සඳහනක් නොමැතිවය.

පවතින රැකියා වෙළෙඳපොළත් ශ්‍රම බලකායේ ඇති හැකියාවනුත් යන දෙකම සැලකිල්ලට ගෙන කාලානුරූපිව තෘතීය අධ්‍යාපනය සඳහා ආයෝජනය කල යුතුය. විශේෂිත පුහුණු හා විදේශයන්හි සේවය කොට අත්දැකීම් ලද ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පුහුණු කිරීම සඳහා යලි ගෙන්වාගැනීමට අවශ්‍ය ආකර්ශනීය වටපිටාවක් නිර්මාණය කලයුතුය.


මැතිවරණ කොට්ඨාශ, අධිකරණ කොට්ඨාශ, අධ්‍යාපන කලාප, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ, පරිවාස හා ළමාරක්ෂක කොට්ඨාශ, පොළිස් කොට්ඨාශ, කෘෂිකර්ම සේවා කොට්ඨාශ ආදී වූ සියලු රේඛිය විෂයපථ සම්බන්ධ පරිපාලන කොට්ඨාශ සඳහා වූ සීමා මායිම් සමාන විය යුතුය. ඒ අනුව අදාළ කොට්ඨාශය ග්‍රාම රාජ්‍යයක් ලෙස ස්වශක්තියෙන් නැගී සිටීමට මධ්‍යම රජයෙන් පෙළඹවීමෙන් හා දිරිමත් කිරීමෙන් කුඩා ඒකකයන් වෙත ගුණාත්මකව හා වගවීමක් සහිත දේශපාලන, අධිකරණමය, නීතිමය, සමාජීය, ආර්ථික බලතල ගලනය වීම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට කළහැකි වනු ඇත්තේ පටු ජාතිවාදී හෝ බෙදුම්බ්වාදී අරමුණු ඔස්සේ නොව ජනතාව වෙත ස්වයං නිර්ණ අයිතියක් හිමි වන ආකාරයෙනි. එවැනි ක්‍රමවේදයක් තුල ප්‍රාදේශීය සම්පත් උපයෝගී කරගනිමින් තිරසාර ප්‍රාදේශීය සංවර්ධනයක් ඇතිකරගැනීමේ තීරණ ජාතික ධර්ශනයක් ඔස්සේ ප්‍රාදේශීයව ක්‍රියාවට නැංවීම තහවුරු කෙරෙනු ඇත. තවද, අනවශ්‍යව බස්නාහිර පළාත කේන්ද්‍ර කොටගත් නාගරීකරණයේ මානසිකත්වයෙන් ද බැහැරවීමට මෙය දිගු කාලීනව ආයෝජනයක් වනු ඇත.

ඉහත සඳහන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට නම් ජාතියට වග කියන්නාවූ ඒකාධිපති පාලනයක් අත්‍යාවශ්‍යය. එවැනි රැඩිකල් වෙනසක් කිරීමට පිට කොන්දක් පමණක් නොව, බුද්ධියක් ද, ශිෂ්ඨාචාරය පිලිබඳ අවබෝධයක් ද, හැඟීමක් ද, යුක්තිගරුක ජාතියක් ගොඩ නැගීමේ අරමුණෙන් යුතුව අධම පාර්ශවයන් මර්ධනය කිරීමේ හැකියාව ද තිබිය යුතුය. එසේ යුක්තිගරුක රාජ්‍යයක් ගොඩ නැගුනහොත් මෙරට වැසියා පීඩනයකින් තොරව ජීවත් වනු ඇත, කලට වැසි ලැබෙනු ඇත, අන්තර්ජාතික ප්‍රජාවගේ බුහුමනට ලක්වනු ඇත, වැදගැම්මකට ඇති ආයෝජකයින් පමණක් ආයෝජනයන් කරනු ඇත, ශ්‍රී ලංකාවේ සම්පත් නූපන් පරම්පරාවන් සඳහා ද ඉතිරි කරමින් ජාතියට ණයක් නොමැතිව වර්තමාන පරම්පරාවට මෙරට තුලම සතුටින් මිහිදන් විය හැක.

එම ක්‍රියා මාර්ග නොගතහොත් මේ රට ශිලාචාර කමෙනුත්, නීතිමය අතෙනුත්, සාමාජියවත් යනුයේ පරිහානිය කරා පමණක්මය. කෙටි කාලීනව අපට බලාපොරොත්තු විය හැක්කේ ආගම්වාදී ලේ වැගිරීම් ය, වර්ගවාදී ලේ වැගිරීම් ය, දේශපාලන තීන්දු වලට එරෙහි වන්නන්ගේ ලේ වැගිරීම්ය.

මාධ්‍ය කාලීනව බලාපොරොත්තු විය හැක්කේ ණය බරෙන් මිරිකී රටෙහි සම්පත් සියල්ල විදේශයන්ට විකුණා දමනවා හැර කිසිදු විකල්පයක් නැති රාජ්‍යයකි, වකුගඩු අකර්මන්‍ය වූ ජාතියකි, විවිධාකාර රෝගයන්ගෙන් පෙලෙන එම රෝග නිසාම වැජඹෙන සමාගම්, රුධිරය පවා විකුණාගෙන කනš